Search

ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඩකාංග පහුණුලාභීන්ට සහතික පත්‍ර ලබාදීම

කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා ඒකකයේ මෙහෙයවීමෙන් නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය මගින් පවත්වනු ලබන ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඩකාංග පිළිබඳ පුහුණු වැඩසටහනෙහි දෙවැනි කණ්ඩායමේ පුහුණුලාභීන් සඳහා සහතික පත්‍ර ලබාදීම 2023 නොවැම්බර් මස 12 වැනි දින සවස නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාවට මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමා, විදාතා ඒකකයේ අධ්‍යක්ෂ මනෝජ් කරුණාරත්න මැතිතුමා, සහකාර අධ්‍යක්ෂ ජයසමරා ගුණරත්න මෙනෙවිය, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ප්‍රභාත් කැන්දවල මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *